පිරමීඩ
බලන් ඉඳලා බැරිම තැන දුකට ලියල ලිපියක් මේක. තුන් වෙනි ලෝකේ රටක් උන ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත මේ වෙනකොට ඔහේ පාවෙන තත්වෙකට පත් වෙලා. බලාපොරොත්තු විරහිත ජීවීන් බවට පත් වෙලා කියලත් කියන්න පුලුවන්. වැරැද්ද කාගෙද කියන එකට කාටවත් ඇඟිල්ලක් දික් නොකර ඉමු. එහෙම කරන්න ගියොත් කියන්න වෙන්නේ වෙනම කතාවක්. වැඩිහිටි පරම්පරාවටත් වඩා තරුණ පරම්පරාවේ හීන, බලාපොරොත්තු, අරමුණු කඩාගෙන වැටිලා කියලයි මටනම් හිතෙන්නෙ. සාධාරණයි ඉතින් මේ ආර්තික තත්වයත් එක්ක බලනකොට. හැබැයි මේ සේරම කරදර අස්සේ වෙන්න පුලුවන් තවත් නරකම දෙයක් උන පිරමීඩ, ponzi ස්කීම්, නීතිවිරෝදී මූල්‍යමය ව්‍යාපාර මේ තරුණ පරම්පරාව ගිල ගනිමින් ඉන්නවා කියලා මට හිතෙනවා. මේවට වැඩිම ප්‍රමාණයක් අහු වෙලා ඉන්නේ වැඩිහිටි පරම්පරාවේ අය. ඒ වුනාට දුක හිතෙනම කාරණය තමයි දන්න අදුරන, දෙයක් ඉගෙන ගත්ත, තරුණයෝ පිරිසකුත් මේවා පස්සේ වැටිලා ඉන්න එක. (ගොඩක්ම ජනප්‍රිය ponzi ස්කීම් උනාට භාවිතයේ පහසුවට මෙතනින් පස්සේ මන් හැම තැනම පිරමීඩ කියන වචනය භාවිතා කරන්නම්) "ගේමක් ගහමු, ගොඩ යමු, හීන දිනන්න ඕන" වගේ මෝටිවේශනල් කතා ගොඩක් ඉස්සරහට දාගෙන මේ පිරමීඩපස්සේ දුවන තරුණයෝ ද