ගඩොල් බිත්තිය
එක් රටක බෞද්ධ හමුදුරුවන් වහන්සේලා කන්ඩායමක් එකතු වෙලා එකට වාසය කිරීමට පටන් ගන්නවා.එහිදී ඔවුන් හට වාසය කිරීමට නිශ්චිත වූ ස්ථානයක් තිබෙන්නෙ නැහැ .එම නිසා ඔවුන් එකතු වෙලා විහාරස්තානයක් ගොඩ නැගීමට පටන් ගන්නවා.සියලු ස්වාමීන් වහන්සේලා සතු මුදල් එකතු කොට විහාරස්තානය ගොඩ නැගීමට අවශ්‍ය බඩු බාහිරාදිය මිලට ගන්නවා.විටෙක මොවුන් සැතපෙන්නේ එලිමහනේ විහාරස්තානය ගොඩනැගීමට ගෙනා දොරවල් මතයි.එවැනි දුක් ගැහැට විදිමින් මෙම විහරස්තානය ගොඩනැගීමට පටන් ගන්නවා.මෙහිදී එක් ස්වාමීන් වහන්සේ නමක් මෙම කාර්‍යයේ ප්‍රධාන තැන ගන්නවා.උන් වහන්සේ ඒ සදහාම කර්මික ශිල්පය තනිවම ප්‍රගුන කරනවා.අවසානයේ කෙසේහෝ මෙම විහරස්තානය නිම කර අවසන් කරනවා.මෙහි එක් බිත්තියල් තිබෙනවා.එය නිර්මනය කරන ලද්දේ පෙර කී ප්‍රධානත්වය ගත්ත හමුදුරුවන් විසින්.එම බිත්තිය ඉතා අලංකාර කලාත්මක එකක්.එහෙත් එහි ගඩොල් කැට දෙකක් පමණ නියමිත ආකාරයෙන් ස්තාන ගත වෙලා නැහැ.මේ පිලිබදව එම ස්වාමීන් වහන්සේ දැඩි කනස්සල්ලකින් පසු වෙනවා.පසු කාලිනව මෙම පන්සල සංචාරක ආකර්ශනයද ලබාගන්නවා.ඉතින් එක් දවසක් මෙම විහාරස්තානය නැරඹීමට පැමිනි සංචාරකයෙක් පෙර සදහන් කල බිත්තිය දෙස බලා එය ඉතා අගනා නිර්මානයක් යැයි එය නිර්මාණය කල ස්වාමීන් වහන්සේට පවසනව.එවිට උන් වහන්සේ පවසන්නේ"එම බිත්තිය අලංකාර වෙන්න බැහැ එහි ගඩොල් දෙකක් ඇදයි.ඔබට එය පෙනෙන්නේ නැද්ද"යනුවෙනි.එවිට එම සංචාරකයා පවසන්නෙ"ස්වාමීන් වහන්ස මට එම ගඩොල් දෙක පෙනේ.ඒත් එම වැරදුන ගඩොල් දෙකට වඩා අනිත් ගඩොල් සියල්ලම නිවැරදියි.එනිසා ඇයි වැරදුනු ගඩොල් ගැන සිතලා මෙම බිත්තියේ අලංකාර බාවය පහතට දමන්නේ"යනුවෙනි.එදින පටන් අර ස්වාමීන් වහන්සේ එම බිත්තිය ගැන තිබූ නරක ආකල්පය අමතක කර .එහි ඇති වැරදී ගිය ගඩොල් ගැන නොසිතා වැරදුන ගඩොල් වලට වඩා ඇති නිවැරදිව ගඩොල් ගැන සිතනවා.එවිට උන් වහන්සේ එම බිත්තියෙන් දකින්නේ සුන්දරත්වයකි....අපිත් ජීවිතෙ අපිට හමුවන අය,අපට වන සිදුවීම් පිලිබදව මේ ආකාරයෙන් සිතුවහොත් අපට කලකිරීම හෝ වැරදි වැටහීම කියන කාරනා අඩු කර ගන්න පුලුවන් වෙයි.

Comments
Post a Comment