කොළඹ අත්දැකීම් 02 - පොෂ් හිගාකෑම
එදා පෙබරවාරි මාසේ පෝය දවස. නෝට් පොතක් හොයාගෙන නුගේගොඩට ගියා උදේ 9ට විතර..ඉතින් හැම තැනම ඇවිදලා පිටු 120 නෝට් පොතක් හොයාගත්තා..උදේට කාලත් හිටියෙ නැති නිසා පොඩි කඩේකින් කාලා ආපහු කිරුලපනට එන්න ඇවිදගෙන ආවා හෝල්ට් එකට..මග එනකොට එක පාර හොදට ඇදගත්ත කෙනෙක් කතා කරා.එක්ස්කියුස් මී කියලා..ශර්ට් එකක් ඇදලා ඩෙනිම් එකක් ඇදලා ශර්ට් එක යට කරලා..සපත්තුත් දාලා.ඇහුවෙ නැතෑ මගෙන් ඉන්ග්‍රීසියෙන් ඉන්ග්ලිශ් ද සින්හලද පුලුවන් කියලා.මම ෆුල් හොල්මන්.ඉන්ග්‍රීසි චුට්ටක් අව්ලක් නැති නිසා ඉන්ග්‍රීසියෙන්ම කිව්ව දෙකම අවුලක් නෑ කියලා..මෙන්න ඒ පාර දිගට හරහට ඉන්ග්‍රීසියෙන් කියාගෙන යනවා..එයාගෙ යාලුවෙක් මෙහෙම හොස්පිටල් නවත්තලු..ඔය කතාව කිව්ව ගමන් මට මීටර් උනා මේ බොරුවක් කියන්න යන්නෙ සල්ලි ඕන වෙලා කියලා..මොකද ඔයිට කලින් ඔය වගේ අය ඕන තරම් දැකලා තියෙන නිසා..මොනා වුනත් මනුස්සයෙක්නේ..අහන් හිටිය කතාවම ..අමතක කරන්න එපා සේරම කිව්වෙ ඉන්ග්‍රීසියෙන්.අන්තිමට කියනවා මන් මේ සල්ලි ඉල්ලනවා නෙවෙයි කන්න මොනා හරි අරන් දෙන්න කියලා..මන් දැනගත්තා ඉතින් මේ ඉල්ලන්නෙ සල්ලි තමයි කියලා..රුපියල් 100ක් දිලා කිව්ව අයි ඩෝන්ට් හැව් ටයිම් ටු බයි යූ සම් තින්ග් සෝ බයි සම්තින්ග් බයි යුවර් සෙල්ෆ් කියලා මම ආවා එන්න..මිනිස්සුන්ගෙ මාර්කටින් කොච්චර දියුනු වෙලාද කියලයි මන් බැලුවේ.ඉතින් ඒකට පොෂ් හිගා කෑම නොකියා වෙන මොකක් කියන්නද..

Comments
Post a Comment