No name story
නිවස ඉදිරියේ කාර් එක නතර කර ගෙදර වැඩට ඉන්න සුමනෙ මාමාට වාහනේ යතුර දී ඔහු ගෙදර ඇතුලට ගියේ කිසිදු හැගීමක් මුහුනෙන් ප්රකාශ නොකරමිනි..කාමරය තුලට ගොස් ඇද මතට වී ඔහු මද නින්දකට වැටුනි...මුලින්ම මම මේ කතාවෙ චරිත සහ කතාවේ පරිසරය පැහැදිලි කරන්නම්...ඔහුගේ නම ශෙහාන් .පොඩි කාලෙදිම අම්මයි තාත්තයි අතුරුදහන් උනා..ඒ කොහොමද කියන්න ශෙහාන්වත් වෙන කිසිම කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ.වැදගත්ම කාරනය තමයි ඒ අම්මයි තාත්තයි හරියටම ශෙහාන් කියන්නෙ කවුද කියලත් දැනගෙන හිටියෙ නැහැ. ඒ කියන්නෙ ශෙහාන් අනාථ ළමයෙක්.ඒත් කාගෙ කවුද කියන එක ගැන කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ.අඩුගානෙ ශෙහාන්වත් එයා ගැන දන්නෙ නැහැ.දැන් ශෙහාන්ට අවුරුදු 18ක් වෙනවා.ඔහු ජාත්යන්තර විශ්ව විද්යාලයක ict උපාදියක් හදාරනව..ශෙහාන් ඉතාම කඩවසම් පිරිමි ලමයෙක්..සාමන්යයෙන් ඔහුගේ වයසේ පිරිමි ලමුන්ට හිමි නොවූ හැඩි දැඩි සිරුරක් ඔහුට තිබූ අතර ..ඒත් තවමත් ඔහුට පෙම්වතියක් නැහැ.ඔහු ජීවත් වුනේ විශාල තට්ටු 3කින් සමන්විත නිවසක.ඔහුගේ ජීවිතය ගෙවී ගියේ නිවසේ මෙහෙකරුවන් හා ඔහුගේ පරිගනකය සමගයි..ඔහු තවමත් ඔහු කවුද යන වග සොයයි..ඔහු අප්රමාන වතාවක් රජ්ය වෙබ් අඩවි වලට හොරෙන් ඇතුලුවී ඔහු ගැන විස්තර සෙවූවත් කිසිදු විස්තරයක් එහි නොවීම පුදුමයට කරුනක් විය..........කතාවට එමු...මද නින්දකින් පසුව අවදිවී ඇග පත සෝදාගෙන සමාන්ය ඇදුමකින් සැරසී ගෙදරින් එලියට ආවේය.. "මාමෙ මම පොඩි ගමනක් යනවා..රෑට කෑම තියන්න එපා" යනුවෙන් සුමනෙ මාමාට කියා ඔහු ford sports වර්ගයට අයත් ඔහුගේ වාහන එකතුවේ එක් කාරයකට නැග වේගයෙන් ගමන් කලේ ඔහුගේ සුපුරුදු අවන් හල වෙතයි..මුහුද අසල ඉදිව තිබූ එම තරු 5 අවන් හලේ මුහුදට මුහුනලා වන මේසයක් හැම දිනකම ඔහු වෙනුවෙන් වෙන්ව තිබුනේය..සුපුරුදු පරිදි අසුන් ගත් ඔහු කෝපි කෝප්පයක් ඇනැවුම් කලේය
හැම දිනකම ඔහු වෙනුවෙන් සේවය කරන එම අවන්හලේ සේවකයා ඔහු ඇනවුම් කල කෝපි කෝප්පයද රැගෙන පැමිණියේය. "මහත්තය,මොනා හරි කන්නන් ගෙන්න ඔනද?" සේවකයා ඇසුවේය."එපා" යනුවෙන් මද සිනහවකින් ශෙහාන් ඔහුට පැවසුවේය.එම සිනහවේ පිරී තිබුනේ අහින්සක බවකි.වසර කිහිපයක් මුලුල්ලේ ශෙහාන්ට බොහෝ අවස්තාවල සේවය සැපයුවේ මෙම සේවකයායි..ඔහු නමින් සදුන් වේ..ශෙහාන්ට වඩා අවුරුදු 5ක් පමණ ඔහු වැඩිමල් විය..අවුරුදු කිහිපයක් ශෙහාන්ව මුන ගැසුණත් කිසිදු පෞද්ගලික දෙයක් ඔවුන් අතර කතා වූයේ නැත..ශෙහාන් සුපුරුදු පරිදි මුහුද දෙස බලාගෙන කෝපි කෝප්පය රස වින්දේ ගැබුරු කල්පනාවක ගිළෙමිනි..ශෙහාන්ට ඔහුගේ මනෝ ලෝකයේ තනි වීමට ඉඩදී සදුන් එතනින් ඉවතට ගියේය..මුහුදු වෙරලේ ඇවිද යන මැදි වයසේ ජෝඩුවක් ශෙහාන්ගේ නෙත ගැටුනද ඔහු එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත..ඒත් සමගම කුඩා බලු පැටියෙකු සමග දිවගෙන ආ ගැහැණු ලමයා දුටු ඔහු මනෝ ලෝකයෙන් මිදුනේ එක මොහතකිනි..ශෙහාන් ඕනෑතරම් ගැහැනු ලමුන් දැක ඇත..ඔනෑ තරම් ගැහැනු ලමුන් ශෙහාන්ගේ කැමැත්ත බලාපොරොත්තුවෙන් කල් ගෙව්වේය..එහෙත් ඔවුන් කිසිවෙක්ටවත් ශෙහාන්ගෙන් එකදු ආදර ඉගියක් ලැබුනේ නැත..තරමක් කොට කලිසමකින් හා සැහැල්ලු t shirt එකකින් ඇය සැරසී සිටියේය..ඇගේ වරලස මුහුදු සුලගත් සමගම පසු පසට විහිදුනේය.පැහැපත් හා සිහින් සිරුරකට ඈ හිමිකම් කිවේය..ඇගෙ සිනහව ඇගේ සරල බවේ සන්කේතයක්ව පැවතුනි..ශෙහාන් ඔහු වාඩිවී සිටි පිටිවෙන් නැගිට ඇය දෙස හොදින් බලා සිටියේ අදුරන කිසිවෙක් දෙස බලන අයුරිනි..ශෙහාන් දෙස බලා සිටි සදුන්ගේ මුහුනට සිනහවක් ආවේ ශෙහාන්ගේ සිත දැනගත්තාක් මෙනි.ඇය ඇගේ බලු පැටියාත් සමග පෙර පැමිණි වැඩිහිටියන් දෙදෙනාත් සමග නික්ම ගියේය.ඔවුන් ඇයගේ දෙමව්පියන් යැයි ශෙහාන් අනුමාන කලේය.එසේම ඇය ශේහාන්ගේ වයසේ විය හැකි බවද ඔහු අනුමාන කලේය.නැවත පුටුවෙන් වාඩි වුන ඔහු නැවත නැගිට සදුන් වෙනුවෙන් හා බිල සදහා රුපියල් 500ක් තබා පිටව ගියේය ඉතාමත් හදිස්සියෙනි.ශෙහාන් ඉතාමත් වේගයෙන් ඔහුගේ කාරය නිවස බලා දාවනය කලේය..ඔහු කිසි දිනක අනතුරකට හෝ නීති කඩ කිරීමක් වෙනුවෙන් දඩයක්වත් ලැබී නැත.වරක් අදික වේගය නිසා පොළිසියෙන් ඔහුව නැවැත්තූ අවස්තාවේ පොලීසියේ නිලදාරීන් විසින් ඔහුගේ හැදුනුම් පත ඉල්ලා සිටියේය..එය ලබාදුන් පසු නිලදාරීන් විසින් එය හැදුන්ම් පත් පරීක්ශාකරන උපකරණයෙන් scan කර බැලූ අතර ඒ මොහොතෙදීම ශෙහාන් හට හැදුනුම් පත ලබාදී පිටව යන ලෙස අවසර දුන්නේය..එය ශෙහාන්ට මහත් ප්රෙහේලිකාවක් විය..කිමද යත් ඔහුට අවම වශයෙන් දඩ කොලයක් හෝ ලැබිය යුතුව තිබිණි.එහෙත් ඒ කිසිවක් සිදු නොවුනි.....නිවසට පැමිණි ඔහු කාමරයට වී දොර වසා ගත්තේය....
ශෙහාන් කල්පනා සයුරක ගිලුනේ බොහෝ කාරනා සිතමිනි..කාත් කවුරුවත් නැතිව ඔහු දැන් අවුරුදු ගනනක් ගෙවා දමා ඇත..ඔහුට තරමක් හෝ සමීපව සිටියේ මෙහෙ කරුවන් අතරින් සුමනෙ මාමා පමණි..ඔහු මුහුදු වෙරලේදී දුටු රූපය..ඔහුගේ සිත තුල තදින් ඇදී තිබේ..කිසිදා ගැහැනු ලමයෙක් කෙරෙහි ඇති නොවූ අමුතු ආකායේ හැගීමක් ඔහු දුටු යුවතිය කෙරෙහි මතුව තිබේ..එය රාගික හැගීමක් නොවේ..අමුතුම හැගීමකි...ඇයගේ චායාරූපයක් ලබා ගැනීමට අමතක වීම පිලිබදව ඔහු ඔහුටම දොස් පවරා ගත්තේය..රාත්රී කෑම ප්රතික්ශේප කල ඔහු laptop පරිගනකය ගෙන ඔහුගේ project එකට අදාල පරිගනක වැඩසටහන ලිවීමට පටන් ගත්තේ..සැන්දෑවේ ඔහුගෙ කලබල වූ සිත එකලස් කරගැනීමටය..ටික වේලාවක් එම කාර්යයේ යෙදුනු ඔහු නින්දට ගියේය..කලින් නින්දට යාම ඔහුගේ ගති ලක්ශනයකි..නිදාගත් පසු අවශ්ය ඔනෑම වේලාවක අවදි වීමේ හැකියාව ඔහු සතු විය..අලුත් දිනයක අවදිවූ ඔහු guitarය ගෙන සන්වේදි තනුවක් වාදනය කරන්නට වූයේ නැවතත් කල්පනා ලෝකයේ තනි වෙමිනි.එදින ඔහු අද්යාපනය ලැබූ විශ්ව විද්යාලය හා අවට අනෙකුත් විශ්ව විද්යාලවල සහබාගීත්වයෙන් පිහිනුම් තරගයක් සංවිදානය වී තිබුන අතර ඔහුද එහි ඉසව්වකට සහබාගී වීමට අදහස් කරගෙන සිටියේය..මුහුණ සෝදාගෙන කෑමකා ඔහුගේ වාහන එකතුවේ audi sports වර්ගයේ සුදු පැහැති කාරයෙන් ඔහු විද්යාලය කරා ගියේය.ඔහු සැරසී සිටියේ සරල චාම් සුදු පැහැති කමිසයකින් හා ඩෙනිම් කලිසමකිනි.ඔහු පිහිනුම් ඉසව්ව සදහා රැගෙන ආ ඇදුම් රැගෙන පිහිනුම් තටාකය දෙසට පිය මැන්නේය..ඒ වනව විටත් අනෙකුත් විද්යාලවල සිසුන් පැමින සිටියේය.."good morning ශෙහාන්" ඔහුගේ යහලුවන් හා යෙහෙලියන් ඔහුට සුබ පැතුවේය. "good morning" ඔහුද මද සිනහවකින් ඔවුන්ට සුබ පැතුවේය..ක්රීඩා ගාරයේ සිටි බොහෝ දෙනාගේ අවදානය මේ වන විට ශෙහාන් දෙසට යොමුව තිබිනි..ඒ ඔහුගේ කඩවසම් බාවය නිසාය..පිරිමි ලමුන් පවා ඔහුව අගය කලේය..එතරම් සමාජශීලී නොවුනත් ඕනෑම කෙනෙක් සමග කතා කිරීමට සහ හිත දිනා ගැනීමේ හැකියාව ඔහු සතු විය.ඇදුම් මාරු කරගත් ඔහු කුඩා කලිසමකින් හා පිහිනීමේදී බාවිතා කරන හිස් වැස්මක් සහ කන්නාඩි පැළද පැමිනියේය..එසේම ඔහු අත් දිග සිල්ක් කමිසයක්ද ඇද සිටියේ තරගය ආරම්බක මොහොතේදී ඉවත් කල යුතු නිසාය..ශෙහාන්ගේ තරගය සදහා අවස්තාව පැමිනියේය..
ශෙහාන් තම කමිසය ගලවා ඉවත් කලේය.එය ඔහු එසේ කරන ප්රථම අවස්ථාව වූ අතර රැස්ව සිටි මුලු පිරිසම ඔහු දෙසට අවධානය යොමු කලේ මවිතයෙනි.ඔහුගේ ශරීරය ඉතා ආකර්ශනීය වූ අතර පිරිමි ළමයෙකු සතු විය හැකි කඩවසම්ම සිරුර ඔහුට උරුමව තිබුණේය.ඔහු මදක් අපහසුවට පත් වූයේ සියලු දෙනා ඔහු දෙස බලා සිටින බව වැටහීම නිසාය.ශෙහාන් කිසිදු කාය වර්ධන ක්රියාකාරකම නියලුනේ නැත.කෑම පාලනය කලේද නැත.ඔහුටත් ඔහු ගැනම කුතුහලයක් ඇති වූ අවස්තාද තිබුනේය.කෙසේ වෙතත් තරඟය ගැන පැවසිය යුතු නැත මන්ද ශෙහාන් කිසිදු තරගයක් නොමැතිවම ජයග්රහනය කල නිසාවෙනි.එදින ගැහැණු ළමුන් ඔහුට පිස්සු වැටුන දිනයක් යැයි කිව හැක."කොහොමද බන් ඔය body එක හදාගත්තෙ" ශෙහාන්ගේ යහලුවන් විමසුවේ පුදුමයෙනි."මන් මුකුත් කරන්නෙ නෑ"ශෙහාන් සිහින් හඬින් පවසා ඇදුම් මාරු කර ගැනීම සඳහා පිටව ගියේය.කොතරම් ගැහැණු ලමුන් ඔහුව වට කරගනිමින් කතා කලත් ඔහුට පෙර දින සන්ධ්යාව අමතක නොවුනි.සියලු දෙනාට සුබ පතා ඔහු නැවත නිවස බලා පැමිණියේය.ශෙහාන් දක්ෂතා රාශියකට උරුම කම් කීවේය.ඒත් ඒ කෙසේ දැයි කිසි කෙනෙක් දැනගෙන සිටියේ නැත..නිවසට පැමිණෙන විට වෙලාව පස්වරු 2.30 පමණ විය.ඇග සොදාගත් ඔහු කෑම කා කාමරයට ගොස් ඇදට වැටුණේය.ඔහුගේ සිතේ මැවුණේ පෙර දිනයේ ඔහු දුටු රුවයි.අද දිනයේත් එම ස්ථානයට යාමට ඔහු සැලසුම් කරමින් කල්පනා කර කර සිටියේය.....එක පාරම අවදි වූ ඔහු වෙලාව බැලුවේය.වෙලාව පස්වරු 6ත් පසුවී ගොසිනි.ඔහුට "දෙයියනේ"යැයි කියවිනි.බලාපොරොත්තු සුන් වූ බවක් ඔහුගේ සිත තුල විය.හැකි ඉක්මනින් short එකක් හා t shirt එකකින් සැරසුණු ඔහු 1000cc Suzuki වර්ගයේ යතුරු පැදියට නැගුනේ වාහන තද බදයට හසු වුවහොත් එයට වැය වන කාලයෙන් අඩක් හෝ ඉතුරු කර ගැනීමටය.හෝටලය ඉදිරියේ ඔහුගේ සුහද සේවකයා වන සඳුන් රැදී සිටියේ ඔහුගේ වාසනාවට මෙනි.ඉක්මනින් ඔහුට යතුර බාර දුන් ඔහු කෙලින්ම දිව ගියේ මුහුදු වෙරලටය.ඔහු පෙරදා ඔහුගේ සිත් ගත් ගැහැණු ලමයා හා ඇයගේ දෙමව්පියන් පිටව ගිය දිශාව දෙස බලාගෙන වේගයෙන් දිව ආ අතර එක් වරම ඔහු යමෙක්ගේ ඇගේ වැදුන අතර දෙදෙනාම වෙරලේ බිම ඇද වැටුණේය.ශෙහාන් ඔලුව ඔසවා ඒ කවුදැයි බැලුවේ බිම තිබූ ගලක වැදී ලේ ගලන ඔහුගේ හිස අතගාමිනි.
ඔහු දුටුවේ ඔහු කිසි දිනක නැවත දකින්නට අපේක්ෂාවෙන් නොසිටිය දෙයකි.ඔහු සමඟ බිම ඇද වැටී සිටියේ ඔහුගේ මවයි.හිස දරුණු ලෙස තුවාල වී තිබුන නිසා ඔහුට කිසිවක් කිරීමට හෝ කතා කරගැනීමට පවා නොහැකි විය.ඒ ඔහුගේ මව බව ඔහුට ඉතාමත් පැහැදිළි විය.ඒත් සමඟම අවට සිට දිවගෙන පැමිණි කලු කලිසම්,සුදු කමිස සහ කලු කෝට් සහ කලු සපත්තු පැළදි පිරිසක් ඔහු එතනම සිටියදී ඔහුගේ මව රැගෙන ගියේය.ඔහුට කිසිවක් කර ගැනීමට ශක්තියක් නොවුනි.ඔහුගේ මවද ඔවුන් සමඟ ගියේ කැමැත්තෙන් බව ඔහුට වැටහුණි..එක් පුදුමයක අවසානය සිදුවන්නටත් පෙර එතනට දිව ආවේ ශෙහාන්ගේ සිහින කුමරියි."මොකක්ද වුනේ?හොදටම ලේ ගලනව"ඇය පැවසූ දෙය යන්තමට මෙන් ඔහුගේ කන වැකුනි..ඒත් සමඟම ඔහු සිහි නැති විය..ඇස් විවෘත කර බලන විට ඔහු සිටියේ සුදු වර්ණය ආලේප කර තිබූ අලංකාර කාමරයකය.එය රෝහලක කාමරයක් බව තේරුම් ගැනීමට ඔහුට වැඩි වේලා ගත වූයේ නැත.ඔහු අසලම සිටගෙන සිටියේ පෙර දිනයේ ඔහු දුටු සිහින කුමරියගේ පියා යැයි අනුමාන කල පුද්ගලයාය."පුතාට අමාරුද?පුතාගෙ ඔලුව ටිකක් තදින් ගලක වැදිලා..අපි වෙරලෙ ඇවිදින්න යන ගමන් තමයි අපේ දුව පුතාව දැක්කෙ.අපි පුතාව hospital එකට එක්කගෙන ආවා."සිනා මුසු මුහුණින් එම පුද්ගලයා ශෙහාන්ට පැවසුවේය.ශෙහාන් හට "හ්ම්" යන වචනයට වඩා යමක් පැවසීමට නොහැකි විය."පුතාගේ භාරකාරයෙක්ට එන්න කියමුද අපි.මම ගෙදර යන්න ඕන පුතා නෝනයි දුවයි ගෙදර එක්කන් යන්න ඕන ඒකයි"ශෙහාන් ඔහුගේ දුරකථනය දෙන ලෙස අතින් පෙන්නූ අතර එම පුද්ගලයා ශෙහාන්ට දුරකථනය ලබා දුන්නේය.ශෙහාන් අමාරුවෙන් ගෙදර දුරකතන අංකය පෙන්වා ඇස් පියාගතේ හිසේ ඇතිවූ දැඩි වේදනාව නිසාය.එම ඉරියව්වෙන්ම ඔහු නින්දකට වැටුනේ සිදුවූ කිසිදු දෙයක් සිතීමට තරම් ශක්තියක් නොවුන බැවිනි.
ශෙහාන් නැවත අවදි වන විට සුමනෙ මාමා ඔහු අසල විය.ඒ වන විට ශෙහාන්ගේ වේදනාව තරමක් දුරට පහව ගොස් තිබුනේය."මට වතුර ටිකක් දෙන්න"ශෙහාන් සුමනෙ මාමාට පැවසුවේය."මහත්තයො මොකක්ද මේ කරගත්තේ අපි කොච්චරනම් බය උනාද?මම ඩ්රයිවර් උන්නැහෙවත් මහත්තයව හොයන්න යැව්ව."සුමනෙ මාමා වතුර එක ශෙහාන්ට දෙමින් පැවසුවෙය.ශෙහාන්ට එක් වරම ඔහුගේ ඇගේ හැපුන කෙනා මතක් විය ඉක්මනින් වතුර උගුරක් පානය කර වීදුරුව පැත්තකින් තැබුවේය."සුමනෙ මාමෙ මම අම්මව දැක්ක".ශෙහාන් කීවේ තිගැස්මෙනි."මොකක්?"එය සුමනෙ මාගේ පිළිතුර විය."ඔව්,මගේ ඇගේ හැපිල වැටුනෙ මම පොඩි කාලෙදි අතුරුදහන් උන මාව බලාගත්ත අම්ම"."අනේ මහත්තයො එහෙම වෙන්නෙ කොහොමද?නෝනයි මහත්තයයි අතුරුදහන් වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද?අනික නෝන කොහොමද ඒ වෙලාවෙම පුංචි මහත්තයගෙම ඇගේ හැප්පෙන්නෙ"."ඒවටනම් උත්තර මගේ ගාව නැහැ සුමනෙ මාමෙ"සිදුවූ අනෙක් කිසිවක් ශෙහාන් පැවසුවේ නැත.අනෙක් සියලුම සිදුවීම් ඔහු සිත තුල සඟවා ගත්තේය.ඒ සඳහා ඔහු නිපුණයෙක් වූයේය.එක් වරම ඔහුගේ සිහින කුමරිය මතක් වූ ශෙහාන් "සුමනෙ මාමෙ කෝ අර මාව hospital එකට එක්කගෙන ආපු කට්ටිය?"."ආහ්,ඒ මහත්තුරු යන්න ගියා.හරිම හොඳ පවුලක්.නැත්නම් මෙච්චර උදව්වක් කරයිද වෙන අයනම්".ශෙහාන්ගේ මුහුණේ බලාපොරොත්තු සුන් වූ ස්වභාවයක් දක්නට ලැබිනි."ඇයි පුංචි මහත්තය මොකක් හරි ප්රශ්නයක්ද?".ප්රධානම කාරණාව පැවසිය නොහැකි බැවින් ශෙහාන් අතුරු කාරණාවක් මුල් කරගෙන පිළිතුරක් දුන්නේය."නෑ මේ මට එයාලට ස්තූති කරන්නත් බැරි උනානෙ".."සනීප උනාම බැරියැයි කොහෙන් හරි හොයාගෙන ස්තූති කරන්න.තව දවස් දෙකකින් විතර ගෙදර යන්න පුලුවන් කියල දොස්තර මහත්තයා කිව්වා".ශෙහාන් "හ්ම්" යනුවෙන් පවසා ඔහුගේ කල්පනා ලෝකයට පිවිසියේය.කාමරයේ විදුලිපහන නිවා දැමූ සුමනෙ මාමා නිවස බලා යාමට ගියේය.ඔහු ශෙහාන්ට කිසිවක් නොකීවේ ශෙහාන්ගේ ගති ගුණ දන්නා නිසාවෙනි.පසුදා උදෑසන වෛද්ය වරයා ශෙහාන්ව පරික්ෂා කිරීමට පැමිණියේය.ශෙහාන්ගේ හිස බැන්ඩේජ් වලින් ආවරනය කර තිබුනේ හිස දරුණු ලෙස තුවාල වී තිබුන බැවිනි.එම වෙලුම් පටි ඉවත් කර බලන ලෙස වෛදය වරයා හෙදියට අණ කලේය.
හෙදිය වෙලුම් පටි ඉවත් කල ශෙහාන්ගේ හිස දෙස බලා සිටියේ පුදුමයෙනි.වෛද්යවරයාද වහා ශෙහාන්ගේ හිස දෙස බැලුවේ හෙදියගේ මුහුණේ ස්වභාවය හේතුවෙනි.මහා පුදුමයකි..තුවාලයක් තබා කැලලක්වත් දක්නට නොලැබිණි..කොටින්ම කියනවානම් හිසකෙස් පවා සාමන්ය අයුරින් පැවතියේය..මෙය දැකීමෙන් විමතියට පත් වූ වෛද්යවරයා වහාම ශෙහාන්ගේ රුදිර පරික්ශාවක් කරන ලෙස හෙදියට දැන්වීය..ශෙහාන් මෙය වැඩිය ගනන් නිගත්තේ පොඩි කාලයේදි පවා මෙම අත් දැකීම හුරු පුරුදු බැවිනි..කුඩා අවදියේදී දිනක ඔහු හොරෙන් සෙල්ලම් කිරීමට ගොස් බිම වැටී දරුණු ලෙස කකුල් සහ අත් තුවාල කරගත්තේය..කෙසේ හෝ ගෙදර අයට හොරෙන් කාමරය තුලට වී සිටි ඔහු පසුවදා අවදි වන විට කිසිදු දුවාල ලකුණක් නොවීය..මව හට ඒ පිලිබදව පැවසුවත් ඇය ගනන් නොගත්තේය..රුදිර පරික්ශාවේදී පැහැදිලිව හදුනාගත නොහැකි තැන් කිහිපයක් හැරෙන්න අනෙක් සියලුදේ සාමන්ය තත්වයේ පැවතුනි..තව දුරටත් ඔහුව රෝහලේ තබා ගැනීම පලක් නොමැති බැවින් ඔහුට පිටව යාමට වෛද්යවරයා අවසර දුන්නෙය..අවසර දුන්නද වෛද්යවරයා දැඩි කුතුහලයකින් පසු වුනි සහ තවදුරටත් මේ අසාමාන්ය සිදුවීම ගැන සොයා බැලීමට ඉටා ගත්තේය..ශෙහාන්ව ගෙදර එක්කන් යාම සදහා රියදුරු පැමින සිටි අතර ඔහු මග දිගට කල්පනා කරන්නට වූයේ ඔහුගේ සිහින කුමරිය ගැනයි..මව ගැන කල්පනා වූවද එය තේරුම් ගැනීමට කිසිවෙක් ඔහු ලග නැති හෙයින් ඔහු එය සිත තුල සගවා ගත්තේය..සිහින කුමරිය දැකීමට හා ස්තූති කිරීමට ඇති එකම මග මුහුද වෙරල අසල ඇති අවන්හල බව ඔහු තේරුම් ගත්තේය.එහෙත් එදින හවසනම් ගෙදරින් පිටතට නොයන ලෙස සුමනෙ මාමා විසින් ශෙහාන්ට පවසන ලදී..ශෙහාන් ගුන ගරුක කෙනෙක් වූ හෙයින් සුමනෙ මාමා පැවසූදෙය අසා කාමරයටම වී සිටියේය...පසුදා සවස් වන තුරු ඔහු සිටියේ නොඉවසිල්ලෙනි..හවස 4 පමණ වන විට ඉක්මනින් ඇද පැලදගෙන ඔහු අවන්හල බලා පිටත් උනේ බෙන්ස් S class වර්ගයට අයත් ඔහුගේ මෝටර් රථයෙනි.සුපුරුදු මේසයේ අසුන් ගත් ඔහු ඔහුගේ සුපුරුදු පානය වන කෝපි ඇනවුම් කල අතර එය රැගෙන ආවේ ශෙහාන්ගේ සුපුරුදු සේවකයා වන සදුන් ය."මහත්මය එදා කොහෙද ගියේ බයික් එක දාලා.කවුද කෙනෙක් අවිල්ල මහත්තයාගෙ විස්තර හරියටම කියල බයික් එක අරන් ගියා"..ශෙහාන් එදා සිදුවූ දෙය ගැබුරට නොයා උඩින් පැවසුවේය.සියලුදේ නොකීවත් සන්දුන් යමක් තේරුම් ගත් බව සදුන්ගේ මුහුනේ විය.තප්පර විනාඩි පැය ගෙවී ගියේය..එහෙත් සිහින කුමරිය හො ඇයගේ දෙමාපියන් පැමිණියේ නැත..එක වරම පසු පස මේසයෙන් හුරු පුරුදු කට හඩක් ඇසුණි..ශෙහාන් වහා හැරී එදෙස බැලුවේය.
පිටුපස මේසයට පැමිණියේ වෙන කවුරුත් නොව ශෙහාන් අනතුරට පත් අවස්තාවේ ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වූ ශෙහාන්ගේ සිහින කුමරියගේ මව හා පියායි.එහෙත් සිහින කුමරිය සිටියේ නැත.ශෙහාන් වහා නැගිට ඔවුන් අසලට ගියේය."ගුඩ් ඉවිනින්ග් අන්කල්,ආන්ටි"ශෙහාන් ඔවුන් දෙපලට සුබ පැතුවේය."ආහ්..මේ පුතානේ..ගුඩ් ඉවිනින්ග්".."අන්කල්ල එදා කරපු උදව්වට මට ස්තුති කරන්නත් බැරි උනානේ..අනේ ගොඩාක් ස්තූතියි අන්කල්..ඔයාලාගේ ෆෝන් නම්බර් එකක්වත් තිබුනෙ නැහැ.මට ඒත් හිතුනා අන්කල්ල ආපහු මෙහේ එයි කියලා." "ඕක මොකක්ද පුතා සුලු දෙයක්නේ.අනික අපේ දුවනෙ පුතාව දැක්කෙ.පුතත් එන්න අපිත් එක්ක තේ බොන්න" එම ආරාධනාව ශෙහාන්ට මහගු අවස්ථාවක් විය.ශෙහාන්ද ඔවුන් දෙපල සමග එම මේසයේම අසුන් ගත්තේය."අන්කල් දුව ආවේ නැද්ද අද?" ශෙහාන් අමාරුවෙන් ඇසුවේ සිතේ ඇති අපහසුතාව අමාරුවෙන් යටපත් කරගනිමිනි."දුව ආව එයා කාර් එකේ.එයාගෙ ඔලුව රිදෙනවා කියල කාර් එකට වෙලා හිටිය".ඒ මොහොතෙහිම ශෙහාන්ට නිවසින් දුරකථන ඇමතුමක් පැමිණියේය."පුංචි මහත්තයා ඉක්මනට ගෙදර එන්න පුලුවන්ද?පුංචි මහත්තයාව මුනගැහෙන්න කවුද මහත්තයෙක් ඇවිල්ලා." ..."අංකල් මට හදිස්සියේම ගෙදර යන්න වෙලා.මට අන්කල්ගෙ ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද?"ශෙහාන් දුරකථන අංකය ඔහුගේ දුරකතනයට ඇතුල් කරගත්තේය."සමාවෙන්න අංකල් මට යන්න උනාට.ආපහු තැන්ක්ස් මට කරපු උදව්වට.දුවටත් තැන්ක්ස් කරා කියන්න අංකල්".."ඒකට කමක් නැහැ පුතා.පුලුවන් වෙලාවක මට කෝල් එකක් දෙන්නකෝ.පරිස්සමින් යන්න.ශෙහාන් ඔවුන් දෙපලට සුබ පතා වාහන නවතා තිබෙන ස්ථානයට ගමන් කලේය.ඔහුගේ රථයේ දොර විවෘත කරන විට ඔහු නිකමට මෙන් ඔහුට පිටුපසින් වූ බෙන්ස් වර්ගයේ කාර් රථය දෙස බැලුවේය.ඔහුගේ ඇස් අදහා ගැනීමටද නොහැකිවූයේ එම කාර් රථයේ පිටුපස අසුනේ නිදාගෙන සිටි තැනැත්තිය දැකීමෙනි.ඒ වෙන කවුරුත් නොව ඔහුගේ සිහින කුමාරියයි.රථයේ පිටුපස අසුනේ ජනේලය සම්පූර්ණයෙන්ම විවෘතව පැවතිනි.එම නිසා පැහැදිළිවම ඇයගේ සුන්දර මුහුණ ඔහු හට බලාගැනීමට හැකි විය.ශෙහාන් ඉක්මනින් දුරකතනය ගෙන ඇයගේ ඡායාරූපයක් ලබාගත්තේය.ඔහු මද වේලාවක් ඇය දෙස බලා සිටියේ මුලු ලොවම අමතක කර දමමිනි.ඒ සමගම පැමිණි සිහිල් සුළං රැල්ල ඔහුගේ දැහැන බිද දැම්මේය.මුහුද ඉතා ආසන්නයේ නිසා සුළං හැමීම නිතර සිදු විය.සෙමින් ඇය සිටි කාරයට ලන්වූ ඔහු ජනේලයෙන් අත දැම්මෙය.ඉන් පසු ඔහුගේ අත ආපසු ගැනීමට පමණක් ඉඩ තිබෙන පරිදි ජනේලය වැසුවේ ඔහුගේ රෝස මලට නොදැනෙන පරිද්දෙනි.ජනේලය වැසූ ඔහු තමන්ගේ වාහනයට නැග නිවස බලා පිටත් විය.ඔහුගේ පෙර ක්රියාවේ අරමුණු දෙකක් විය.එකක් ඔහුගේ පුංචි සිහින කුමරිය සුළග නිසා ලෙඩ වේවි යැයි ඇතිවූ බය සහ වෙනත් කිසිවෙකුටත් ඇයව දැක ගැනීමට ඉඩ නොතැබීමයි.එය ලෝබ කමයැයි අර්ථ දැක්විය හැකියි.ශේහාන් කිසිදිනක පෙම් සබදතාවක් පවත්වා නොමැති නමුත් ආදර බර ක්රියාවන් ඔහු තුලින් නිරායාසයෙන් පහල වීමද තරමක පුදුමයකි....මතුසම්බන්දයි.

Comments
Post a Comment