කොළඹ අත්දැකිම් 01 - හෙයාර් කට්


මන් ඉතින් ගමේ කොල්ලෙක්නේ. පහු ගිය දවසක මන් ඉතින් කොළඹ නැවතිලා මගේ විශ්ව විද්යාලයීය අධ්‍යාපනය ආරම්භ කරනවා. ඉතින් මන් කියන්න යන්නේ එසේ ආරම්භ කරපු කොළඹ ජිවිතයේ පළමු  අමුතු අත්දැකීම ගැන.මේක සමහර අයටනම් නිකන් සරල අත්දැකීමක් වෙන්න ඇති. ඉතින් ඔන්න කතාව පටන් ගන්නේ මෙහෙමයි. ආරම්භක උත්සවෙන් පස්සේ පලවෙනි දවසේ කැම්පස් එකට යනවා ඉතින්. ඉතින් එදා හවස අයියලා කියනවා මල්ලිලා හෙට එනකොට කොන්ඩේ කපන වරෙන් කියලා.කොන්ඩේ කපන එක නෙවෙයි ප්‍රශ්නේ. කොළඹ ට ඇවිත් දවසයි. ඒ මදිවට හවස් වෙලා. 6 ට විතර ඇති. දන්නෙත් නැති කොළඹ කොහේ සැලුන් හොයන්නද. මම ඉතින් නැවතිලා ඉන්නේ කිරුලපන.කොහොම හරි කැම්පස් එකේ ඉදන් කිරුළපනට ඇවිත් බැස්සා.දැන් හොයපන්කෝ සැලුන්. වටේම කැරකිලා බැලුව සැලුන් එකක් පේන තෙක් මානෙක නෑ. පොඩි රෙදි මහන කඩයක් තියෙනවා දැකල ඔතනට ගිහින් ඇහුව අන්කල් කොන්ඩේ කපාගන්න තැනක් මේ හරියේ තියෙනවද කියලා. හම්මේ වාසනාව ඒ අන්කල් කිව්වා පුතා දකුණු පැත්තේ පාරෙන් එහාපැත්තෙ තැනක් තියෙනවා කියලා.අම්මේ ඇති යන්තම් කියලා හිතාගෙන ඉක්මනට ගියා සැලුන් එක හොයාගෙන .මෙන්න තියෙනවා ලොකුවට බෝර්ඩ් එකක් එහෙම  ගහල සැලෝන් කියල. ලොකු විදුරු එහෙම දාල. A/C ත් කරලා. ටිකක් හයි ක්ලාස් තැනක් වගේ .වෙලාවේ හැටියට වෙන කරන්න දේකුත් නැති නිසා ඕන එකක් කියලා ගියා ඇතුලට.දාඩිය දාගෙන හිටපු මහන්සිය කොහෙන් ගියාද මන්දා ඒ සීතලට. සුදු ෂර්ට් එකයි කළු කලිසමයි සපත්තුයි දාපු කෙනෙක් කිව්වා වාඩි වෙන්න සර් කියලා මන් හිතුවා මැනේජර් වෙන්න ඇති කියලා. මන් තැනේ හැටියට ඇහුව ඉතින් හෙයාර් කට් එකක් ගන්න පුලුවන්ද කියල .පුළුවන් සර් වාඩි වෙන්න කිව්වා.මාත් ඉතින් සැපට වාඩි උනා. ගමේනම් මේ වගේ A/C කරපු තැනක කොන්ඩේ කපන්න 300ක් විතර ගන්න නිසා අවුලක් නෑ 400ක් විතර ගනිය් කියලයි මන් වාඩි උනේ. අර මැනේජර් වගේ සැපට වාඩි වෙලා හෙයාර් කට් එකක් ගන්න වාඩි වෙලා ඉන්න මගේ කනට කරලා කිව්වා සර් හෙයාර් කට එකක් නම් රුපියල් 800ක් වෙනවා කියලා. හුස්මත් නිකන් හිර උනා වගේ ගතියක් ආවත් පෙන්නුවේ නෑ. හිත හදාගෙන කමක්නෑ කිව්වා. වෙලාවේ හැටියට වෙන කපන්න තැනකුත් නෑනේ කියලයි හිත හදාගත්තේ.අන්තිමට මැනේජර් වගේ එක්කෙනාම කොන්ඩේ කැපුවා.මන් හිතුව 800ක් ගන්න ගන්න නිසා විශේෂයක් වත් ඇති කියල.මොන විශේෂද ගමේනම් හෙඩ් මසාජ් එකක් හරි හම්බෙනවා.එකත් නෑ .මොනා කරන්නද .කොන්ඩේ කපලා රිසිට් එකක් දුන්න 800යි කියල ලියලා.හොදම වැඩේ වෙනම කැෂියර් කෙනෙකුත් ඉන්නවා.හිත හදාගෙන සල්ලි ගෙව්වා.ඊටත් වඩා හොදම වැඩේ කියන්නේ පස්සේ දවසක නුගේගොඩ යන්න කියලා අර සැලුන් එක තිබ්බ පැත්තට ඇවිදන් යද්දී මීටර් 200ක් විතර එහායින් තව සැලුන් එකක් තිබ්බ.මේ ලගදි ඒකෙන් කොන්ඩේ කැපුවා රුපියල් 180යි .මට මන් ගැනම සන්තෝස හිතුනා. කමක්නැහැ හෙමින් හෙමින් කොළඹ ගැන ඉගෙන ගන්නවා කියලා හිත හදාගත්තා.

Comments

Popular Posts