ආදරය සහ අධ්‍යාපනය
ළඟදි දවසක මායි යාලුවො 4දෙනෙකුයි අතර පොඩි වාදයක් ගියා.ඒ ආදරය සහ අධ්‍යාපනය ගැන.එක එක්කෙනා ගාව එක එක අදහස් තිබුණා.එක්කෙනෙක් එයාගෙ අදහස මෙහම කියනව"මචං අධ්‍යාපනයට ආදරේ ගෑවුනොත් ඉවරයි.ආදරේ කරන්න කෙල්ලෙක් ඕනිනම් ඉස්සෙල්ල හොඳට ඉගෙන ගන්න ඕනෙ.ඉගෙන ගන්න කාලෙ කෙල්ලෙක් තියාගත්තොත් ඉවරයි කියලා".එතකොට තව එකෙක් තව කෙනෙක් ඒ අදහස අනුමත කරා.මේක අහන් හිටපු මම කිව්ව "මචං හැමෝම එක වගේ නෙවේ බන් එක එක්කෙනාගෙ මානසික තත්ව වෙනස්නෙ.සමහර අයට ආදරේ සහ ඉගෙනීම දෙකම කරන්න ගියාම වැරදුනාට සමහර අය ඉන්නව ආදරේ නිසාම ඉගෙන ගන්න අය "කියලා.ඒ කතාවත් එකෙක් අනුමත කරා."එතකොටම කොහෙද ඉදන් තව එකෙක් දුවගෙන ඇවිත් කියනව "මචං ආදරේ කරනවනම් සේරම අත හැරල දාල ආදරේ විතරක් කරන්න ඕනෙ,නැත්නම් ඉගෙනීම විතරක් කරන්න ඕනෙ ,නැත්නම් දෙකම දමල ගහල නිකන් ඉන්න ඔනේ කියල".අපි කාටවත් හරි නිගමනේකට එන්න බැරි උනා ආදරේ සහ අධ්‍යාපනේ අතර සම්බන්ඳය ගැන.එත් අපි අවසානෙට තීරනය කරා මිනිස්සු එකිනෙකාට වෙනස් නිසා ඒ ඒ අයට වෙන් වුනු ආවේනික විදි තියෙනව කියලා.ඒ නිසා මානසික සිදිධි ගැන තර්ක ගොඩනගල වැඩක් නැති බව පැහැදිළි වුනා.

Comments
Post a Comment