කියන්න කලින් චුට්ටක් හිතුවනම්...
මාස ගනනාවකින් පසුව ලිපියක් දාන්න හිතුනා.මේක මට මගේ ගුරුවරයෙක් කියපු කතාවක්.කතාවකට වඩා උපදෙසක් කිව්වොත් මන් නිවැරදියි කියල මම හිතනවා.ඒ උපදෙස ලැබෙනකොට මම ගත කලේ ප්‍රශ්න අධික කාලයක.ඒ උපදෙස නිසා මම බොහෝ ප්‍රශ්න වලින් ගැලවුනා.ඒ වගේම අදටත් ඒ පුන්චි උපදෙස නිසා මා ආරක්ෂා වුන වාර අනන්තයි.".........අපේ හිතේ තියෙන හැමදේම හිතට එන හැමදේම අපි කියන්න ඕන නෑ" ඔන්න ඔය වාක්‍ය තමයි මට ලැබුණ ඒ පුංචි උපදෙස.මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න උදවු උන ඒ පුංචි අවවාදය.පොඩ්ඩකට හිතන්න.අපි කොච්චර දේවල් ඔහේ කියල දානවද?හිතේ තියෙන හැගීම කොච්චරනම් කියලා දානවද?නිකමට හිතල බලන්න එහෙම කියපු දේවල් නිසා අපිට කොච්චරනම් හානි වෙලා තියෙනවාද?සරල උදාහරණයකට ගත්තොත් ආදරය ප්‍රකාශ කිරීම නිසා අපිට මොන තරම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවද? මන් මේ කියන්නේ කිසිම දෙයක් නොකියාම ඉන්න කියන එක නෙවෙයි.කියන්න කලින් ටිකක් විතර හිතල බැලුවොත් හොඳයි නේද කියලයි.එතකොට බොහෝ වෙලාවට අපි නොදැනුවතවම අපි විනාශ කරගන්න අපේ පෞර්ශය ආරක්ෂා වේවි කියලා මම හිතනවා.ඔබේ අදහස මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්.ඒත් මම මේ කිව්වෙ අත්දැකීමෙන් මගේ ජීවිතේ වෙනස් කරගන්න උදවු උන දෙයක්.x
x
x

Comments
Post a Comment