පොඩ්ඩක් ඉස්සෙන ශ්‍රද්ධාව

අද මම අදහස් දක්වන්නට යන්නේ මම නිතරම වගේ බස් වල යනකොට දැකපු දෙයක් සම්බන්දයෙන්.ඔයාලත් මේක දැකල ඇති.අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා බස් එකේ හෝ වෙනත් වාහනයක යනකොට පන්සලක්,කෝවිලක්, දේවාලයක්, බුදු පිළිමයක් දැක්කොත් ටිකක් ඉස්සිලා පහත් වෙන්න. සමහර අය
එහෙම ටිකක් ඉස්සිලා වඳිනවා. මම මේ බස් කියලා ගත්තේ ගොඩක් පොදුවේ මේක බස් වල දකින්නට තියෙන නිසයි.ඇයි අපේ මිනිස්සු එහෙම කරන්නේ.මන් චුට්ටක් කල්පනා කරගෙන යනකොට මට හිතුන දෙයක් තමයි ශ්‍රද්ධාව නිසා මෙහෙම කරනවා ඇති කියලා.සමහර අයනම් එහෙම තමයි.ඒත් හැමෝම ඇත්තටම එහෙමද?නිකන් හිතෙන්නේ නැද්ද ට්‍රෙන්ඩ් එකකට වගේ එහෙම කරනවා කියලා.ඔබත් එහෙම පොඩ්ඩක් ඉස්සෙන කෙනෙක්නම් ඔබෙන්ම අහලා බලන්න ඇත්තටම මන් පොඩ්ඩක් ඉස්සුනේ ශ්‍රද්ධාව නිසාද නැත්නම් නිකමටද කියලා.මන් මේ කාගෙවත් හිතේ තියෙන භක්තිය හෑල්ලු කරනවා නෙවෙයි.පෝයටවත් පන්සල් යන්නෙ නැති මිනිස්සු ඇයි එහෙම කරන්නෙ කියන එකට පිළිතුරක් බලාපොරොත්තුවෙනුයි මන් මේ ලිපිය ලියන්නේ.මන් දන්නව පිළිතුරු ලැබෙන්න තරම් ජනප්‍රිය බ්ලොග් අඩවියක් නෙවෙයි මේක.ඒත් කෙදිනක හෝ කවුරුන් හෝ කියවා පිළිතුරක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

Comments

Popular Posts