සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන දෑ ඔබත් 100%ක් විශ්වාස කරනවාද?
ඔබත් ෆේස් බුක් වෙත හැමදාම එනව ඇති.ඔබ මෙහි තිබෙන පොස්ට් ඕනෑ තරම් කියවනවා ඇති.එත් ඔබ හරියටම දන්නවාද ඒව ඇත්තද බොරුද කියල?ඔබ කොතරම් නම් දේවල් විශ්වාස කරල ඇත්ද?ඇත්තම කිව්වොත් අපිට බැහැ මේ සමාජ ජාල වෙබ් අඩවි වල තියෙන හැම දේම ඇත්ත කියල පිලිගන්න.හොදම උදාහරණයක් දෙන්නම්.ඔබට මතක ඇති වාරියපොළ සිදුවීම.එම සිදුවීමෙන් පසුව ෆේස් බුක්හි විවිධ වූ පොස්ට් පළ වුනා.ඒ පොස්ට් වලින් එක පොස්ට් එකක මම දැක්ක තියෙනවා අර ගැහැණු ළමයට එහා පැත්තෙන් සිටියෙ එ ගැහැණු ළමයගෙ බොඩි ගාර්ඩ් කියල.ඒත් එක නෙවෙයි ඇත්ත කියල අපි හැමෝම පසුව දමන ලද පොස්ට් හරහා සහ රූපවාහිනිය හරහා දැනගත්ත.කෙනෙක්ට කියන්න පුලුවන් ඉතින් අපි පස්සෙ හරි ඇත්ත දැන ගත්තනෙ කියල.ඒත් කීදෙනෙක්නම් එම පොස්ට් එක දුටුව ගමන් කීදෙනෙක් සමග ඒගැන කියන්න ඇත්ත.කීදෙනෙක් නම් තාමත් අසත්‍ය දැනගෙන කතා කරනව ඇත්ද .එම සිදුවීම සුලු සිදුවීම්ක් පමණයි.ෆේස් බුක්හි කොතරම් නම් ජාති වාදී,අගම් වාදී,දේශපාලනික සහ වෙනත් විවිධ වූ අදහස් කොතරම් නම් පළ වෙනවද?කව්ද දන්නෙ ඒ පළවෙන දේවල් 100%ක් හරි හෝ 100% වැරදි කියල?අපි කවුරුත් දන්නෙ නැහැ.දැනගන්නනම් අපි ප්‍රායෝගික ලෝකයත් එක්ක ඉදල ඇත්ත නැත්ත විමර්ශනය කරන්න ඕනෙ.එම නිසා ඩිජිටල් ලෝකයේ තිබෙන ඇත්තට පමනක් වහල් වීමෙන් මෝඩයෙක් නොවී ඩිජිටල් ලෝකය සහ ඇත්ත ලෝකය එක හා සමානව එක් කරගනිමින් සත්‍ය කතා කිරීමට,සත්‍ය හා නිවැරදි අදහස් දැරීමටත් උත්සහ ගැනීම අපගේ වගකීමක් බව සිහියේ තබාගමු.


Comments
Post a Comment