පෞර්ෂත්වය කුමටද?
නායකත්වය හා පෞර්ෂත්වය කියන්නෙ එකට බැඳිල තියෙන මතෘකා දෙකක්.නායකත්වය ගැන අපි තරමක් දුරට දන්නවා.එම නිසා අපි අද පෞර්ෂත්වය ගැන කතා කරමු.ඉදිරි දවසකදී නායකත්වය ගැනත් අපි කතා කරමු.ඔබට විටෙක ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ පෞර්ෂත්වය කියන්නෙ කියලා.විවිධ පුද්ගලයන් පෞර්ෂත්වය යනු කුමක්ද යන්නට විවිධ නිර්වචන ඉදිරි පත් කරල තියෙනවා.මම මගේම නිර්වචනයක් ඉදිරිපත් කරන්නම්.පෞර්ෂත්වය යනුවෙන් මම දකින්නේ "අප විසින් අපි ගැන අනිත් අය තුල ගොඩ නඟලා තිබෙන දෙයක්" විදිහටයි.ඒ කියන්නේ වෙනත් පුද්ගලයන් අපි ගැන දරන මතයයි.ඒ මතයට අනුව තමයි ඔවුන් අපට සලකන්නේ, ගෞරව කරන්නේ,අපි ගැන කතා කරනේ මේ හැම දේම.ඒ මතය අප විසින් ඔවුන් තුල ගොඩනැගූ දෙයක්.සමාජයේ වෙනත් පුද්ගලයන්ගේ අදහසුත් එයට එකතු වන්නට පුලුවන්.එහෙත් වැඩි වශයෙන් තියෙන්නේ අප විසින් ගොඩ නඟන ලද කරුණුයි.මොනාද මේ කරුණු?අපි බලමු.මේ කරුණු ගොන්නට විශාල වූ කාරනා රශියක් එකතු වෙනවා.අප කතා කරන විදිහ,අපි අඳින පළදින විදිහ,අපි හැසිරෙන ආකාරය,අපි සමාජයත් සමඟ ගනු-දෙනු කරන ආකාරය,අපගේ අධ්‍යාපනික මට්ටම,අප සතු දැනුම් සම්භාරය,අපගේ පවුල් පරිසරය,අප ඇසුරු කරන පුද්ගලයන් මේ අකාරයේ වූ කාරනා රාශියක් අපගේ පෞර්ෂත්ව කෙරෙහි බලපානවා.ඉහත කියපු කාරනා හැම විටම නියම ආකාරයෙන්, නිවැරදි ආකාරයෙන්, සමාජ සම්මත වලට අනුකූලව,ආගම හා බද්ධව යහපත්ව සම්පූර්ණ කරන පුද්ගලයා යහපත් පෞර්ෂයකට උරුමකම් කියනවා.එසේ නොකරන්නාට හිමි වන්නේ අයහපත් පෞර්ෂයක්.ඔබට සිතෙනවා ඇති මේ මොන විකාරයක්ද ,අපිට මොකටද පෞර්ෂත්වයක් කියලා.හිතන්න ඔබ යම් කිසි උත්සව අවස්තාවකට යනවා.එහෙම ගියාම ඔබව කවුරුත් ගනන් ගන්නෙ නැහැ,ඔබත් සමඟ කතා කරන්නේ නැහැ,ඔබව මග හරිනව,ඔබගේ නරක ගැන කතා කරනවා.එහෙම වෙනකොට ඔබ කොතරම්නම් අපහසුතාවයකට පත් වෙනවාද?එසේ වන්නේ ඔබගෙ දුර්වල අයහපත් පෞර්ෂත්වය නිසා නේද?එසේනම් අපට මෙම සමාජයේ හොඳින් කාලය ගත කිරීමටනම්,අනිකුත් පුද්ගලයන්ගේ ගෞරවය දිනා ගනිමින් ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වෙමින් ජීවත් වීමටනම් අප නිවැරදි පෞර්ෂත්වයක් ගොඩනඟා ගත යුතුයි.මම සිතනවා අපට ඉහත සඳහන් කරුණු නිවැරදි ආකාරයෙන් සම්පූර්ණ කල හැකිනම් අපට යහපත් ශක්තිමත් පෞර්ෂයක් ගොඩනඟා ගත හැකි වේවි කියා.ඔබත් ඔබගේ පෞර්ෂත්වය ගොඩනඟා ගැනීමට උත්සහ දරන්න.


Comments
Post a Comment