මේ ලෝකයේ අපට හිමි තැන
ඔබට විටෙක සිතෙනවා ඇති මේ හැමදේම වෙනස් කරන්න අවශ්‍යයි කියලා.අධ්‍යාපන ක්‍රමය ,දේශපාලනය,සමාජ රටාව,සංස්කෘතිය ඇතුලු තවත් බොහෝ දේ වෙනස් විය යුතුයි කියල ඔබ කල්පනා කරනව ඇති.ඔබ විවිධ පුද්ගලයන් සමග මේ පිළිබඳව තර්ක කරනවා ඇති.ඔබ ලෝකය වෙනස් කිරීමට කතා කරනවා ඇති.ඒත් එහෙම කතා කරා කියල බැන්න කියල තර්ක කරා කියල කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැහැ කියල අපිටම පසුව තේරෙනවා.ලෝක වෙනස් කරපු පුද්ගලයන් සිටි බව ඔබ හා මම හොදින්ම දන්නවා.ඒත් එහෙම කියලා අපි හැමෝටම ලෝකය වෙනස් කරන්න පුලුවන්ද?බැහැ නේද?කොතරම් තර්ක තිබුනත් කොතරම් ඔප්පුකිරීම් තිබුනත් අපිට මේ වර්තමාන ලෝකයත් සමග ඉදිරියට ගමන් කරන්නට වෙනව.එහෙම නොමැති උවහොත් අපගේ ජිවිතය අසාර්ථක වනවා ඇති.හරියට කුණාටුව හමන දිශාවට බෝට්‍ටුව ඇදිල යනව වගේ.ඒත් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කුණාටුවත් සමඟ තරග කරල අපිට කුණාටුව හමන දිශාවට විරුධව බෝට්‍ටුව පදවන්න පුලුවන් කියල.ඔව් පුලුවන් තමයි.ඒත් පොඩි හරි හානියක් වෙනව නේද?කෙනෙක් දැන් මට බනියි ඔහොම හිතුවනම් මේ ලෝකෙ කවදාවත් වෙනස් වෙන්නෙ නැහැනෙ කියලා.අපි උපතේදීම අරන් ආ හැකියාවන් තියෙනවා.මිනිසුන් බිහිවෙනවා අසාමාන්‍ය දක්ශතා එක්ක.ඔවුන් තමයි මේ ලෝකය වෙනස් කරන්නෙ.අපිත් එවන් අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුත් පුද්ගලයෙක් විය හැකියි.එසේනම් අපි එය හදුනාගත යුතුයි.හදුනාගෙන මේ සමාජයට ලෝකයට අපගේ සේවය ලබා දිය යුතුයි.එනම් වෙනස් විය යුතු දෑ වෙනස් කල යුතුයි. එසේම එවැනි හැකියා අප සතුව නොවන්නටත් පුලුවන්.එසේනම් අපි මේ කිසිදෙයක් වෙනස් කිරීමට නොසිතා අපේ ගමන යා යුතුයි.අපහට මේ ලොකයේ නියමිත තැන අප හදුනා ගත යුතුයි.එසේ හදුනා ගන්නවානම් මේ ලෝකය මීට වඩා ඉදිරියට යනු ඇති.


Comments
Post a Comment