ආපහු අතීතයට යන්න කියලද?

මට මේක ලියන්න හිතුනෙ මේ සමාජෙ ජීවත් වන එක් මිනිහෙක් කියපු කතාවක් අහල.මිනිස්සුන්ට අනන්ත අප්‍රමාන දේවල් නැති වෙනව.ඔවුන්ට ඒ නැති උන දේවල් ගැන දැනෙන්නෙ පස්සෙ.ඒත් එතකොට පරක්කු වැඩියි.එකට එක බත් පත කාගේන හිටපු යාලුව අද වෙන තැනක වෙන්න පුලුවන්.ඔබට වඩා උසස් තැනක වෙන්න පුලුවන්.ඒ ගැන ඔබ දුක්වුන ඊර්ශ්‍යා කරපු වාර ගනන අනන්ත අප්‍රමාන වෙන්න පුලුවන්.ඒත් ඔබට ඒ කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැහැ.තවත් පියවරක් ඉදිරියට යන්නට තිබුනු කාලය අපතේ යනවා පමණයි.අපි ගත්ත වැරදි තීරණයක් නිසා අපිට නැති උන දේවල් බොහෝ තිබෙන්නට පුලුවන්.ඒත් මොනා කරන්නද ආපහු අතීතයට යන්න කියලද?කවදා කොතනක මැරෙයිද කියල අපි දන්නේ නැහැ කරන්න තියෙන්නෙ නැති උන දේවල් නැති උනා කියල හිතාගෙන නැවත කවදාවත් ඒ වැ‍රැද්ද නිසා කිසි දෙයක් නැති කරගන්නේ නැහැ කියල හිතාගෙන වැඩකරන එක විතරයි.

Comments

Popular Posts