මිනිසුන් ඉන්නේ අපේ ලෝකයේ විතරද?

මුලින්ම කියන්න ඕන මම මේ ලිපිය ලියන්නේ බුදු දහම මුල් කරගෙන.බුදු දහමට අනුව අපි මනස දියුනු කරල මේ බවයෙ දීම සංසාරෙන් එතෙර උනේ නැත්නම් අපි නැවත නැවත ඉපදෙමින් මැරෙමින් සංසාරයේ ගමන් කරනවා.මගේ ප්‍රශ්නය මේකයි ..වර්තමානයේ විද්වතුන් සොයාගෙන තියෙනවා මේ විශ්වය කියන්නෙ අති විශාල ,අවසානයක් සොයාගත නොහැකි දෙයක් කියලා.තව අපට ආලෝකය සපයන ඉර වගේ තාරකාත් තියෙනවා කියල සොයාගෙන තියෙනවා.ඉතින් එහෙම බැලුවම තවත් ජීවය තිබෙන ග්‍රහලෝක ඕන තරම් තියෙන්න පුලුවන්.මේ ග්‍රහ ලෝක අතර තව මිනිස් ලෝක තියෙන්න බැරිද?ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව,බුදු දහමට අනුව මිනිස් ලොවක් ගැන කියවෙන්නෙ අපේ ලෝකය ගැන විතරනෙ.එතකොට තවත් මිනිස් ලෝක නැද්ද?තියෙනවනම් මේ ලෝකයේ ඉපදිලා මිය ගියපු කෙනෙක් වෙන මනුස්ස ලොවක ඉපදෙන්න බැරිද?පරතෙරක් නොමැති මේ විශ්වයේ තවත් මිනිස් ලෝක නැහැ කියල කියන්නත් බැහැ.මටනම් තාම මේ ප්‍රශ්නෙට කාගෙන්වත් හරි පිලිතුරක් ලැබුනේ නැහැ.ආච්චි කෙනෙක්ගෙන් අහුවම කිව්වේ වෙන ලෝක තියෙනවා ,ඒත් මනුස්ස ලෝකෙකට තියෙන්නෙ මේක විතරයි කියල,වර්තමාන විද්‍යාවේ හොයාගෙන තියෙන දේවල් එක්ක ඒ පිලිතුර බාරගන්නත් අමරුයි.කරන්න දෙයක් නැහැ අවසානයේ ප්‍රශ්නයක් ඉතුරු වෙනව , මිනිසුන් ඉන්නේ අපේ ලෝකයේ විතරද?

Comments

Popular Posts