මෙහෙමයි ඉතින්...

මෙහෙමයි ඉතින්..අපේ තාත්තත් ජනාදිපති උනානම් මාත් ගන්නව ලැම්බොර්ගිනි,හොද සපත්තු තව තව ගන්න පුලුවන් හැමදේම.ඒත් මට කවදාවත් හිතෙන්නෙ නැතිවෙයි දළදා මාලිගාව වටේ රේස් පදින්න,මිනිස්සු අකමැති වැඩ කරන්න,තාත්ත ජනාදිපති නිසා මට ඕන හැමදේම කරන්න,ජනාදිපතිගෙ නමින් බලු වැඩ කරන්න.මොකද මට ලැජ්ජාව බය කියන එක තියෙන නිසා.කෙනෙක් කියන්න පුලුවන් මම කලින් පෝස්ට් එකේ ,මිනිස්සුන්ගෙ දුප්පත් පොහොසත් කම අනුව හිතන විදිහ වෙනස් වෙනව කියලා දැන් මෙතන බයිල කියනවා කියල.ඔව් හිතන විදිහ වෙනස් වෙනව තමයි ඒත් එහෙම කියල ගුණදර්ම ,මනුස්සකම් ,හිරි ඔතප් නැත්නම් ලැජ්ජාව හා බය ,ඔය වගේ කාරනා නම් අමතක කරන්න හොද නැහැ.එහෙම නොවුනොත් අපිට පැවැත්මක් ස්ථාවර බාවයක් නැතිවෙලා යනවා.

Comments

Popular Posts