අපිටත් තිබුනනම්...


වෙලාවකට අපිට අනිත් අය දිහා බලල හිතිනෙව නේද අපිට ඔහොම තිබුනනම් අපි ඔහොම නෙවෙයි ඔයිට වඩා ලොකු තැනක ඉන්නව කියල.ඒත් ඉතින් අපි තේරුම් ගන්න ඕන අපිත් එතන හිටියනම් අපිත් කරන්නෙ ඒදේම තමයි කියලා.කෙනෙක් පොහොසත් වෙන්න පුලුවන් ,දුප්පත් වෙන්න පුලුවන් එහෙම උනාම ඒ ඒ අයගෙ මානසික මට්ටම් වෙනස් වෙනව.ඒක කවුරු මොන තර්ක දැම්මත් එහෙමම තමයි.දුප්පත් කෙනා පුලුවන් තරම් ඉතිරි කරන්න බලනව ඒත් පොහොසත් කෙනාට එහෙම උවමනාවක් නැහැ.කෙනෙක්ට පුලුවන් මට චෝදනා කරන්න පංති බේද ගැන කතා කරනව කියලා.ඒත් කවුරුත් නොකිව්වට ඇත්ත මේකනේ.ඒනිසා අපිට තිබ්බනම් අපි මෙහෙමයි කරන්නෙ කියල නෙවෙයි.අපිට තියෙන්නෙ මෙච්චරයි අපි ඒ ටිකෙන් කරගන්නව කියල හිතල වැඩ කරන එක තමයි ඉතින් කරන්න ඕන.

Comments

Popular Posts