ඔබ

ඔබ කවුද
ඔබට ඔබ පැහැදිලි ද
ඔබට ඔබේ ආත්මය පැහැදිලි ද
ඔබට ඔබ විශ්වාස ද
කෙසේ වෙතත්
ඔබ මතක තබා ගත යුතුය
ඔබ හට කවුරුන් කෙසේ කීවත්
ඔබ හට කවුරුන් කෙසේ ඔප්පු කර පෙන්නුවත්
ඔබ හට අවසානයේ ඉතිරි වන්නේ
ඔබ පමණක්ම බව
එබැවින්
ඔබ ඔබට කැපවන්න
ඔබ ඔබට වැඩ කරන්න
ඔබ ඔබේ කරගන්න
ඔබ ඔබට පහනක් වන්න
ඔබ ඔබම වන්න
එවිට
ඔබට මේ මුළු ලොවම ඔබේ කර ගත හැකිය..........


මෙය හුදෙක් මගේ නිර්මාණයක් පමණක්ම වන බවත් උපුටා ගැනීමක් නොවන බවත් කරුණාවෙන් සලකන්න--අනුපම දික්කුඹුර

Comments

Popular Posts