වෙනසක්
ඔබට කෙදිනක හෝ සිතුනාද යම් වෙනසක් කරන්න?එය ඔබේ ජීවිතයේ වෙනසක් වෙන්න පුලුවන්, නැතිනම් සමාජයේ වෙනසක් වෙන්න පුලුවන්, නැතිනම් යම් කිසි ආයතනයක වෙනසක් වෙන්න පුලුවන්, නැතිනම් කුමන හෝ වෙනසක් වෙන්න පුලුවන්.ඔබ අසා ඇති ලෝකය වෙනස් කරපු පුද්ගලයන් ගැන, රටක් වෙනස් කරපු පුද්ගලයන් ගැන, සමාජයක් වෙනස් කරපු පුද්ගලයන් ගැන, තමන්ම වෙනස් උන පුද්ගලයන් ගැන.අපට බැලු බැල්මට සිතෙන්නට පුලුවන් වෙනසක් කරන එක හරිම සරල දෙයක් කියලා.එහෙත් වෙනසක් කරන්නට තිබෙන අමාරුව, ඒ සඳහා කල යුතු කැපකිරීම්, දැරිය යුතු අවදානම පිළිබඳව නම් ඔබට කිසිසේත්ම අනුමාන කරන්නට බැහැ.ඒ අත්දැකීම ලබා ගන්නට නම් ඔබ වෙනසක් කිරීමට උත්සහ කරන්න.එවිට ඔබ මිනිසුන් ගැන තේරුම් ගනීවි,සමාජය ගැන තේරුම් ගනීවි, රට පිළිබඳව තේරුම් ගනීවි, ලෝකය පිළිබඳ්ව තේරුම් ගනීවි.

Comments
Post a Comment