පරිගණකය හා මිනිසා
මගේ අදහසට අනුව පරිගණකය හා මිනිසා අතර පොඩි සමාන කමක් තියෙනව.පරිගනකයේ මොළය වෙන්නෙ processor එක.ඒ වැඩේට අපිට මොළය තියෙනව.processor එකේ කොටස් දෙකක් තියෙනවනෙ පාලන ඒකකය හා අංක ගනිතමය හා තාර්කික ඒකකය කියල.ඉතින් අපේ මොළෙත් මේ වැඩ දෙකම කරනවනෙ.අපේ මොළෙනුත් පාලන නියෝග යවනව.ගනිතමය වැඩත් කරනවනෙ.ඉතින් පරිගනකයේ ප්‍රදාන බල සැපයුම වෙන්නෙ power unit එක.ඒ වැඩේ කරන්න අපේ හදවත තියෙනව.power unit එක තිබ්බට මදිනෙ current එකත් ඕනිනෙ ඒකට තමයි ඉතින් අපි කෑම කන්නෙ අපේ ඇගේ ග්ලුකෝස් තියෙන්නෙ.කවුරුත් දන්නවනෙ අපේ ඇගේ DNA තියෙනවා කියල DNA හරියට පරිගනකයේ rom එක වගේ..ඒත් DNA update කරන්නනම් අමාරුයි..අපේ මතකය හරියට hard disk එකයි ram එකයි වගේ.අපිට ස්ථිර මතකෙකුත් තියෙනව තාවකාලික මතකෙකුත් තියෙනව.සමහර වෙලවට උදේට කාපුවත් අපිට අමතක වෙනවනේ.පරිගනකය shutdown කරාම ram එකේ තියෙන දේවල් මැකිල යනව වගේ අපිත් නිදාගත්තම අපේ තාවකාලික මතකයේ තියෙන දේවල් මතක නැති වෙලා යනවා.වෙබ් කැමරා එක වගේ අපිට ඇස් දෙකතියෙනව, ස්පීකර් වගේ අපිට කටක් තියෙනව, මයික් එක වගේ අපිට කන් තියෙනව,recycle bin එක ගැන ඉතින් දන්නවනේ.තව හුගක් දේවල් සමාන කරන්න පුලුවන්...ඒක ඔබට බාරයි..ඒත් කවදාවත් පරිගනකය හා මිනිසා 100%ක් සමාන වෙන්නේ නැහැ.ඒ බුද්ධිය නිසා.
මේ පෝස්ට් එක මාස ගානක ඉදන් ලියල තියන් හිටපු එකක් ,ඒ අලුත් කරුණු එකතු කරන්න.දැන් තියන් හිටිය ඇති කියල හිතුනා.

Comments
Post a Comment